ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නමුල් පිටුව
හැඳින්වීම
අපගේ දැක්ම
"ජනතාවාදි විශිෂ්ටතම මහජන සේවයක් සලසන හොඳම ආයතනය බවට පත්විම"අපගේ මෙහෙවර
“රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව කාර්යක්ෂම, ඵලදායි, ගුණාත්මක සේවයක් සේවාලාභීන්ට අත්කර දීම”කෑගල්ල දිස්ත්‍රික්කය තුළ ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අතර විශාලත්වයෙන් හතර වන ස්ථානය ගන්නා දෙහිඕවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර්18608..09 ක් වේ. මෙම කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් 39 කි.
භූ විෂමතාවය හා ජලවහනය
භූ විෂමතාවය අනුව දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහ ඔය හා අම්බලන්පිටිය ඔය අතර සීමා වේ.මෙහි ගිණිකොන දිග ප්‍රදේශය කදුකර ප්‍රදේශයක් වශයෙන් ද හඳුනා ගත හැකිය.භූ විෂමතාවය සහ උන්නතාශංශය අනුව කොට්ඨාශයේ තැනිතලා රැලි බිම් හා කඳුකර ප්‍රදේශ වශයෙන් ප්‍රධාන කලාප තුනක් ඇත.
අඩි 500ට වඩා අඩු තැනිතලා ප්‍රදේශ උතුරු අර්ධයේ පිහිටා ඇති අතර දයිගල, කුරුපැත්ත, නාපාවල, කැලෑගම, ඇපලපිටිය, ඉහල තල්දූව, පහල තල්දුව, වෙලංගල්ල, බටංගල, කනංගම, එළුවාන සහ අටුලුගම යන ග්‍රාම නිලධාරි වසම් මෙයට අයත් වේ.
කොට්ඨාශයේ අඩුම උස වන්නේ කැලණි ගඟ ආශ්‍රිතව ඇති අඩි 40ක පමණ වූ ඇපලපිටිය වසමයි.රැලි බිම් ප්‍රදේශය කොට්ඨාශයේ තැනිතලා හා කඳුකර ප්‍රදේශ අතර තැනින් තැන ව්‍යාප්තව පවතී.
කඳුකර ප්‍රදේශය වශයෙන් හඳුනා ගත හැක්කේ මහ ඔය හා අම්බලම්පිටිය ඔය අතර සීමාව වේ.මෙම කලාපයට අම්බලම්පිටිය, හිඟුරලකන්ද නැගෙනහිර, හිඟුරලකන්ද බටහිර, පන්නිල සහ එලවුල්ල යන ග්‍රාම නිලධාරි වසම් අයත් වේ.මෙම කොට්ඨාශයේ උසම ස්ථානය ඉඹුල්පිටිය ග්‍රාම නිලධාරි වසමේ මුරේකන්ද ගම ආශ්‍රිතව අඩි 1500ක් වූ ස්ථානයයි.
කොට්ඨාශයේ ජල වහන රටාව දෙස බැලීමේදී කුඩා ඔය, සීතාවක ඔය දකුණු දෙසින් නැගෙනහිර දෙසට ගලා බසින අතර බස්නාහිරින් උතුරු දෙසට කැලණි ගඟේ අතු ගංඟාවක් වන ගැටහැති ඹය ගලා බසී.උතුරු කොටසේ ඇති කැලණි ගඟේ අතු ගංඟා පද්ධතිය ජාලාකාර ජල වහන රටාවක් සහිත නිසා ගංඟා ආශ්‍රිතව ගංවතුර තර්ජන වර්ෂා කාලයේදී ඇතිවන බව දක්නට ලැබේ.
ඓතිහාසික පසුබිම
ත්‍රී සිංහලයට අයත් වූ රුහුණු මායා පිහිටි යන පළාත් තුනෙන් මායා රටේ කොටසක් ලෙස හතර කෝරළය සහ තුන් කෝරළය අයත්ව තිබුණි.අටුලුගම, පනාවල හා දෙහිගම්පල යන කෝරළ තුන හා පාතබුලත්ගම යන ප්‍රදේශ ඇතුලත් වූ තුන් කෝරළයට අයිති කොටසක් ලෙස දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හැඳින්විය හැකිය.තුන් කෝරළයට අයත් වූ මෙම ප්‍රදේශයේ භෞතික සම්පත් වලින් ඌන වූද අධික ජනගහණයකින් යුක්ත වූද ප්‍රදේශයක් ලෙස සඳහන්ව ඇත.
තවද 1521-1592 දක්වා වූ කාල පරිච්ඡේදයේ දී ප්‍රබල රාජ්‍යයක් ලෙස පැවතුණ බටහිර ආධිපත්‍යයට විරුද්ධව ප්‍රථම කඩු පහර එල්ල කළ රාජධානිය ලෙස හැදින්වු ද, වසර 2000 ක් පැරණි සංස්කෘතියේ බිද වැටීම පිළිබඳ මනා ඉදිරි දැක්මක් ඇති ව හා එය රැක ගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ මායාදුන්නේ හා රාජසිංහ යන රජවරුන් රජ කළ රාජධානිය වුද, සීතාවක රාජධානිය ඉතිහාසයට එක් වේ. මෙම රාජධානියේ කේන්ද්‍රස්ථානය වුයේ ගම් දහසකට වඩා අයත් වුවා යැයි සැලකෙන එවකට මානියම් 60 ක් ලෙස සැලකෙන මානියම්ගම ප්රදේශයයි.මෙම ප්‍රදේශය ඇතුළුව වර්තමාන පරිපාලන බල ප්‍රදේශය වු දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මුළුමනින්ම සීතාවක රාජධානියට අයත්ව තිබීම ඓතිහාසික අතින් වැදගත් තොරතුරකි.
තව ද පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ආරක්ෂිත පුරා විද්‍යා නටබුන් රැසක් මෙම කොට්ඨාශයේ දක්නට ලැබෙන අතර ඒවා අතර සීතාවක රාජසිංහ මාළිගය,තල්දුව බැරැන්ඩි කෝවිල,රාජසිංහ සොහොන ආදී ස්ථාන වැදගත් තැනක් ගනී.වළගම්බා රජ සමයට අයත් යැයි සැලකෙන මානියංගම රජ මහා විහාරය හා හකුරුගල රජමහා විහාරය ද සැලකිය යුතු පැරණි ආගමික ස්ථානයක් වන අතර, මතු කියැවෙන දැකුම්කළු හා දර්ශනීය ස්ථාන රැසක් ද මෙම කොට්ඨාශයට අයත් වේ.
ඉතිහාසයේ සඳහන් අන්දමට සීතාවක රාජසිංහයන් මෙන් ම එහි අනිත් වැසියන් ද රණ ශූර බවට නම් දරා සිටින බව පැවසේ.සීතාවක රාජධානිය දුප්පත් රාජධානියක් ලෙස බිහි වුණ ද,එම අඩුව පිරිමැසීමට අගනා මිනිස් සම්පත් මෙම ප්‍රදේශය තුළ තිබී ඇත.උසස් ගති පැවතුම් හා නිර්භීත බවින් පිරිපුන් ජනතාවක් මෙම කොට්ඨාශයේ සිටි බව ද කියවේ.එසේ ම අඳුරු යුගයක් වශයෙන් සලකන සීතාවක රාජ්‍ය කාලයේ සාහිත්‍ය අතින් කිසියම් සේවාවක් ඉටු කළ ද ධර්ද්වජ පඩිතුමා සහ ඔහුගේ පුත් අලගියවන්න යන කවීන් දෙදෙනා වැදගත් ස්ථානයක් ගනී.අලගියවන්න විසින් රචනා කරන ලද සුභාෂිතය,කොන්ස්තන් දි හටන,සැවුල් සංදේශය ඉතා වැදගත් වන අතර සීතාවක රාජසිංහරජුගේ දැඩි ක්‍රියා කලාපය නිසා ඊට පෙර යුගයන්ට අයත්ව තිබු ගද්‍ය හා පද්‍ය විනාශයට පත්වන්නට ඇතැයිද උගතුන්ගේ මතයයි.
මේ ආකාරයට එදා විශාල භුමි ප්‍රදේශයක් අයත්ව තිබුණත් අද වන විට සීතාවක ඉතිරිව ඇත්තේ අවිස්සාවේල්ල උසාවි සංකීර්ණය පිහිටි භූමි ප්‍රදේශය පමණි.අන් සියලුම ප්‍රදේශ වෙනත් නම් වලින් කැඩී බිඳී ගොස් ඇත.
දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ඇති ඓතිහාසික ස්ථාන
- සීතාවක රාජසිංහ මාළිගය
- තල්දූව බැරැන්ඩි කෝවිල
- ඇපලපිටිය රාජසිංහ සොහොන
- මානියංගම රජමහා විහාරය
- තිඹිරිපොල රම්පතගල හා පා සලකුණු
- තිඹිරිපොල රජ ලෙන
- සීතාවක කනාමැදිරියන් වල
- ගුරුගල්ල ගොලෑබොක්ක ප්‍රදේශය
- කුරුපැත්ත හකුරුගල රජ මහා විහාරය
- උඩුවිල කඹුරාපොල ගනේවත්ත ලෙන් විහාරය
- මානියංගම යකහටුවා කන්ද සහ කොබෝතුරා ගල
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පුරෝගාමීන්ගේ ඉතිහාසය
- වයි. මහවන්නි මහත්මිය
- ඩී.ඒ. කළුබෝවිල මහතා
- එස්.ඩබ්. අතුල මහතා
- එස්.පී. සුනිල්හේවා මහතා
- ජේ.සී. රණේපුර මහතා
- එස්.එම්. එදිරිසිංහ මහතා
- එච්.පී. කුලරත්න මහතා
- ඒ.ඩබ්.ආර්. ආරියරත්න මහත්මිය (වැ.බ.)
- එස්.ඊ.ආර්.අයි.එම්.එස්.පී. බණ්ඩාර මහතා
- ආර්.කේ. සමන් අනුර මහතා
- ඒ.ඩබ්.ආර්. ආරියරත්න මහත්මිය (වැ.බ.)
- නයනානන්ද නිල්වල මහතා
- එච්.පී.ආර්.නාලිකා පියසේන
- එච්.එම්.පී.ප්‍රියංගනී පෙතංගොඩ
- කේ.ජී. ලැනරෝල් මහතා
- එස්.පී. ගුණවර්ධන මහතා (වැ.බ.)
- ඩබ්.එල්.ආර්.අයි.ජේ.කේ. ලියනගේ මහතා (වැ.බ.)
- ආර්.ඒ.එම්.ටී. විජේරත්න මහතා
- යු.පී. චන්දන අනුරුද්ධ පියදාස මහතා





















